ලලිත් කොතලාවල මහතාගේ සිමාසහිත ගෝල්ඩන් කී සමාගමේ ගනුදෙනු සිදුවු ආකාරය සෙවීමට හා එහි වත්කම් සහ දේපළ අනිසි ලෙස බෙදාගැනීමට කටයුතු කළ පුද්ගලයන් පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නිර්දේශ සැපයීමට විශ්‍රාමික විනිශ්යකරුවකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරික්ෂණ කමිටුවක් ළඟදීම පත්කිරිමට තීරණය කර ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ දි අද (24) පස්වරුවේ ප්‍රකාශ කළේය.
මෙම උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , මුදල් ඇමති රවී කරුණානායක ,මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, ශ්‍රි ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහත්වරු ද සහභාගි වුහ.






