ගොරකා හොරා වයසට සරිලන හොරකම් කරලා


බම්බලපිටියේ සුපිරි වෙළඳහලක දොර  කඩා  ඇතුළු  වු සොරකු (19)  එළියට  පැන ගැනිමට  නොහැකිව පැය අටකට  අධික කාලයක්  බිත්තියක් හා රාක්කයක් අතර සැඟවී  සිටියදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

පෙරදින රාත්‍රි සිට පොලිස් මුර  දැමීම නිසා ඔහුට පැන ගත නොහැකි විය.

මෙම සැකකරු රාත්‍රි කාලයේ සුපිරිවෙළඳ සැල්වල දොරකඩා ඇතුලු වී  ගොරකා, කජු, එනසාල් සහ කරාඹුනැටි  සොරා ගෙන රැගෙන යන බව ඔහු කියයි.

මීට පෙර ඔහු මෙවැනි සොරකම් 19 ක් කර ඇත්දැයි සොයන බව පොලිසිය පවසයි.