ගොඩනැගිලි පර්යේෂණ පනතට කතානායකගේ අනුමැතිය


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පතට  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (07) සිය සහතිකය සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත 2025.08.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2025.09.23 දින සංශෝධන රහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නව පනතක් හරහා ස්ථාපනය කිරීම මෙම පනතේ පරමාර්ථය වේ. නායයෑම් සහ භූ තාක්ෂණික අස්ථාවරත්වයට ගොදුරු වන ප්‍රදේශවල පර්යේෂණ සහ සමීක්ෂණ පැවැත්වීම, ඒවායේ බලපෑම අවම කිරීම සහ තිරසාර සංවර්ධනය පෝෂණය කිරීම මෙ‍ම ආයතනයේ මූලික අරමුණු වේ.