
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිඹුලාගල යාය හත මහවැලි ගම්මානයේ ගොඩ ඉඩමකට දුන් බීර බලපත්‍රයක් උපයෝගී කරගෙන මඩ ඉඩමක බීර හලක් දමා ඇතැයි සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම බීර හල ආසන්නයේ පෙර පාසලක් මෙන්ම පන්සලක්ද තිබෙන බව කී මන්ත්‍රීවරයා මෙම බීර හලට විරුද්ධව ගම්මානයේ දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබෙන බව සඳහන් කළේය.
අදාල බලපත්‍රය දුන් ගොඩ ඉඩමට බීර හල ගෙනයන්නැයි ජනතාව ඉල්ලා සිටින බවද දින 14ක් ඇතුළත මෙය ඉවත් කරන ලෙස මහවැලි අධිකාරියෙන් ද නියෝග කර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.
දිසාපතිට මෙන්ම ප්‍රාදේශීය ලේකම්ටත් මේ කාරණය පැමිණිලි කර ඇතැයි නෙල්සන් මහතා පැවසීය.

