ගේ‍්‍රරු ගියාට පොල් ගසති


එක්සත් ජාතික පක්ෂයෙන් රජයට ගිය කොළඹ දිසා මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතාට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් රත්මලානේ ඔහුගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. එක්සත් ජාතික පාක්ෂිකයෝ පොල් ගසා, පෙළපාළි ද ගොස් ඔහුට විරෝධය පළ කළහ. පොලිස් කැරැලි මර්දන අංශය ජල ප‍්‍රහාරක රථද සමග එහි පැමිණ සූදානමින් සිටියේය. මිනිත්තු හතළිස් පහකට පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ. දෙහිවල ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායිකා සුනේත‍්‍රා රණසිංහ මහත්මිය ඇතුළු නාගරික මන්ත‍්‍රීවරු පිරිසක් ද ඊට එක්වූහ.