ගොවිජන සේවා දෙන්නෙක් අල්ලස් දැලේ


(ඉන්දිකා රාමනායක)

කුඹුරු ඉඩමක්  ගොඩ කිරීමක්  සම්බන්ධයෙන්  නීති මගින් කටයුතු නොකර සිටීමට පුද්ගලයකුගෙන් රුපියල් 10000ක  අල්ලසක් ගත් ගොවිජන  සංවර්ධන දෙපාර්තමේන්තුවේ බෝකුන්දර ගොඩිජන සේවා මධ්‍යස්ථානයේ  රාජකාරි කරන පර්යේෂණ  හා නිෂ්පාදන  සහකාරවරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.

සැකකරුවන් දෙදෙනා මේ සදහා රුපියල් 20,000   ක අල්ලසක් ඉල්ලා ඇති අතර මුලින්ම අත්තිකාරම් වශයෙන් රුපියල් 10000ක් ලබාගත් අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

සැකකරුවන් දෙදෙනා අද (23) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.