ගෙවීගිය වසරේ වකුගඩු බද්ධ කිරීම් 52 ක්


(විනීතා එම් ගමගේ)

මාළිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානය ගෙවීගිය  2017 වසරේ දී රෝගීන් 52 දෙනෙකුට වකුගඩු බද්ධ කර ඇත. 

මේ වසරේ බද්ධ කළ වකුගඩුවලින් 23 ක් මොළය මියගිය රෝගින්ගෙන් ලබාගත් ඒවා යැයි ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ලංකාදීපයට  පැවැසීය. 

2016 වසරේ මොළය මිය ගිය රෝගීන්ගෙන් වකුගඩු ලබාගත හැකිවූයේ හයක් පමණක් බව කී හේවගේ මහතා ජනතාව දැනුම්වත් වීම නිසා මේ වනවිට වකුගඩු ලබා දෙන පිරිස ඉහළ ගොස් ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.