අංජුල මහික වීරරත්න
අසීමාන්තිකව ණය ගෙන ඒවා ගෙවා ගන්නට නොහැකිව දුක් විඳින කාලයකට නැවත ගමන් කරන්නට ජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය.
තඹ සතයක්වත් නැති රටක් බාරගෙන අනාගතයක් ලබා දීමට යහපාලන රජයට හැකියාව ලැබුණු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේ මෝදර ‘‘ මෙත් සඳ සෙවන‘‘ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විනි.
ජනාධිපති , අගමැති සහ පාඨලී චම්පික රණවක මහතා අතින් නිවාස ඒකක 722 කින් යුතු නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප - ශාන්ත රත්නායක