ගෙවල් 28ක් මහ දවාලේ කඩති


කොට්ටාව, මහරගම, පිළියන්දල, කොස්ගම, කහතුඩුව ඇතුළු පොලිස් වසම් හයක වසා තැබූ ගෙවල් 28ක් කඩා භාණ්ඩ සොරකම් පැහැරගත් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

දහවල් කාලයේ වසා තබන ගෙවල් වලට ගොස් තට්ටු කර ප්‍රතිචාරයක් නොලදහොත් එවෙලේම ගෙය කඩා බඩු පැහැර ගැනීම මොවුන්ගේ සොරකම් රටාව බව පොලිසිය පවසයි.