අප්‍රේල් මස 26 වැනිදා පේරාදෙණිය ගෙලිඔය ස්වරණාභරණ වෙළඳසළක් මංකොල්ලයට පැමිණි දෙදෙනකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
වෙනත් අපරාධයක් සම්බන්ධව මෙම සැකකරුවන් දෙදෙනා කඩවත රාගම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනිමට හැකිවි ඇති අතර ප්‍රශ්න කිරීම්වලදී පේරාදෙණිය හා සපුගස්කන්ද ප්‍රදේශ වල අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් බවද පොලිසිය සොයාගෙන ඇත.

