(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන, පොතුපිටිය , රඹුක ප්‍රදේශයේ දී සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇති බව පොතුපිටිය පොලිසිය පැවසීය .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ඒ . වී . ජී ප්‍රේමලතා නැමැති වයස අවුරුදු 65 ක කාන්තාවක් බව පොලිසිය පැවසීය .
ඝාතනය සිදු කල බවට සැක කරන සැමියා වයස අවුරුදු 60 ක පුද්ගලයකු බව පොලිසිය පැවසීය .
අද (02) ඇතිවූ ආරවුල දුර දිග යාම හේතුවෙන් තේ වත්තක තියුණු ආයුධයකින් ඇයගේ ගෙල කපා ඝාතනයට ලක්කර ඇති බව පොතුපිටිය පොලිසිය පැවසීය . සැකකාර සැමියා පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ .

