දඹුල්ල මහේස්ත්‍රාත් උසාවියේ අස්වාභාවික ලෙස ගෙම්බන් සිටිනු අද (24) මහේස්ත්‍රාත්වරයාද දුටුවේය.
උසාවියේ වැඩකරන පොලිස් නිලධරයකුගෙන් මහේස්ත්‍රාත් ඒ ගැන විමසා ඇත. ගෙඹි ආගමනයට හේතුව සොයාගත හැකි විය.
ගෙම්බන් එහි ගෙනවුත් දැමූ පුද්ගලයා කවුදැයි පොලිසිය දැක ඇත. නීතිවේදීන් ඇතුළු පිරිසක් හමුවේ මහේස්ත්‍රාත් මේ බව ප්‍රකාශ කළේය. ගෙදර සිටි ගෙම්බන් සිලි සිලි බෑගයක දමා රැගෙන අවුත් උසාවි භූමියේ හැලූ පුද්ගලයා නිතර එහි යන එන හුරු පුරුදු මුහුණක් බව පොලිසිය කියයි.

