(යොහාන් භාසුර)
ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල ලබන අගෝස්තු මස 1 වැනිදා සිට සියයට 11 කින් අඩු කළේ යැයි සමුපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
වයර් නිෂ්පාදන සමාගම් සමඟ සාකච්ඡුා වට තුනක් පවත්වා මින් ඉදිරියට විශේෂ තත්වයක් හැරුණු විට මිල වැඩි නොකිරීමටත් එම සමාගම්වල නිෂ්පාදනවලින් සියයට 90 ක දැනට පවතින උපරිම සිල්ලර මිල සියයට 11 කින් ද, එක නිෂ්පාදනයක් පමණක් සියයට 5 කින් ද, අඩු කිරීමට එකඟ වූ බවත් ශ‍්‍රී ලංකාවේ ගෘහස්ථ විදුලි රැහැන් වයර් අවශ්‍යතාව දේශීය කර්මාන්ත සම්පූර්ණ කරන අතරම අපනයනය ද කරන බවත් රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා පැවසීය.
වයර් නිෂ්පාදන සඳහා ප‍්‍රධාන අමුද්‍රව්‍ය වන තඹ (කොපර්) ටොන් එකක ආනයනික මිල ඩොලර් 5000 සිට 10000 දක්වා වැඩිවීම හේතුවෙන් ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල ඉහළ දමා ඇති බවත් අමාත්‍යවරයා කීය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම ගෘහස්ථ විදුලි රැුහැන් වයර් නිෂ්පාදන සමාගම් වන කැළණි කේබල්ස්, ඒසීඑල් කේබල්ස්, සියෙරා කේබල්ස්, එස්ආර් කේබල්ස් සහ ඔරෙන්ජ් ඉලෙක්ටි‍්‍රක් යන සමාගම් මෙම එක`ගතාවට එළඹිණි.


