විනීතා එම් ගමගේ
ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා නිල ඇඳුමක් හඳුන්වාදී නැතැයි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.
විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බඳවාගැනීම් කරනු ලබන ශ‍්‍රමිකයින් සඳහා ද නිල ඇඳුමක් හඳුන්වාදීමට නියෝග ලබාදී නොමැති බවද කාර්යාංශය පවසයි.
මේ දිනවල සමාජ ජාල තුළ සැරිසරන නිල ඇඳුමින් සැරසී ගත් කාන්තාවන් පිරිසක් රැකියා සඳහා පිටත්ව ඡායරූප සහිත වාර්තාවන් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමු වී තිබේ.
කාර්යාංශය විසින් ලබාදෙන පුහුණු පාඨමාලා වලදී විදේශ රැකියා සඳහා පිටත්වන විට රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇඳුමකින් පිටත්වීම සම්බන්ධයෙන් පමණක් දැනුවත් කිරීම් සිදුකරනු ලබන බව ද හෙතෙම කියා සිටියේය.