ගූගල් ලූන් නමැති අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් ආණ්ඩුවත් අතර අද (28) උදෑසන ගිවිසුමකට අත්සන් කෙරිණි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙන අතර ඒ අනුව අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම 3G අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හැකිවනු ඇත.
මෙම ඉහළට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ.
ගූගල් සමාගමේ ව්‍යාපෘති ප්‍රධානී මයික් කැසිඩ්, ඉක්ටා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මුහුන්තන් කැනගේ, විදේශ ඇමැති මංගල සමරවීර, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා හා ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.






