ගුහාවේ සිර වී සිටි දරුවෝ රෝහලෙන් පිට වෙති


(චින්ග්රායිහිදීය (ඒ.එෆ්.පී)

සති දෙකකට ආසන්න කාලයක් තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටියදී මුදාගත් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු අද (18) පස්වරුවේ රෝහලෙන් පිටත්ව යන බව තායි බලධාරීහු ප්‍රකාශ කළහ. 

ඒ අනුව කලින් ප්‍රකාශයට පත් කරන ලද දිනයට දිනක් කලින් රෝහලෙන් පිටත්ව යෑමට නියමිත අතර ඔවුන් මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමට ද නියමිතව තිබිණි. 

මාධ්‍ය හමුවක් වුවද එය සුපුරුදු ආකාරයේ මාධ්‍ය හමුවක් නොවන බවත් කෙටි ප්‍රශ්නෝත්තර වටයක් පවත්වන බවත් තායි බලධාරීහු අද 18) පෙරවරුවේ සඳහන් කළහ. 

එම හමුවෙන් පසු ඔවුන් ඔවුනොවුන්ගේ නිවෙස්වලට යන බව ද තායි බලධාරීහු කීහ. මෙම කෙටි මාධ්‍ය හමුව පවත්වන්නේද දරුවන්ගේ පහසුව උදෙසා යැයි ද එම ප්‍රශ්නෝත්තර පමණක් සහිත කෙටි මාධ්‍ය හමුවෙන් පසු දරුවන්ට කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගත කිරීමට අවස්ථාව උදා කරලීම අරමුණ යැයි ද තායි බලධාරීහු ප්‍රකාශ කළහ. 


(055)