ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී.කපිල
රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි පුද්ගලයෙක් අද (23) අලුයම අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ රේගුව කියයි.
එහි බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 02.366 කි. සැකකරු මැලේසියාවේ සිට සිංගප්පුරුවට පැමිණ ඒමිරේට් ගුවන් සේවයට අයත් ඊ.කේ. 349 දරණ ගුවන් යානයෙන් කටුනායකට පැමිණ ග්‍රීන් චැනල් හරහා ගුවන් තොටුපලින් පිටවීමට උත්සහ කළ අවස්ථාවේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මඩකලපුව ප්‍රදේශයේ (35) පුද්ගලයෙකි.
මොහුගේ විදෙස් ගමන් බලපත්‍රයේ ඉංජිනේරුවරයකු ලෙස රැකියාව සඳහන් කර ඇති අතර ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන බවට ද ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී ඇත.