ගුවන්තොටෙන් දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට



(ටී.කේ.ජී.කපිල )
 
                         
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක්  අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
                    
මොහු වැල්ලව, කදිරවලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
 
මොහු වසර කීපයක්ම ඩුබායි හි රැකියාවක් කර ඇති අයෙකු බව රේගුව අනාවරණය කර ගෙන තිබේ.
 
තම ගමන් මල්ලේ ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 30,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 153 ක් රැගෙන විත් තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල්  පහලොස් ලක්ෂ තිස් දහසක් (15,30,000) ක් වන බව රේගුව පවසයි.