(බිඟුන් මේනක ගමගේ)
ක්‍රමයක් ඇතැයි යන මතය සාවද්‍ය බවත් ගුවන්තොටුපොළ ආවේක්ෂණ පද්ධති සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක වන බවත් ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. ආගමන විගමන පාලකවරයා මෙම අදහස් පළ කළේ ගුවන් තොටුපළ හරහාම අපරාධකරුවන් පැන යන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද චෝදනාව ගැන කළ විමසීමේදීය.
රටින් පිටවීමට අධිකරණය මගින් තහනම් නියෝග පනවා ඇති පුද්ගලයන්ගේ නාම ලේඛන පරිගණකගත කරන ලද ප්‍රත්‍යන්ත පාලන තොරතුරු පද්ධතියක් මගින් සුපරීක්ෂණය වන්නේ යැයි ද රණසිංහ මහතා කීවේය.
රටින් පිටවීමේ තහනම් නියෝග හා පිටවීම වළක්වා අත්අඩංගුවට ගැනීම වශයෙන් අධිකරණයෙන් තහනම් නියෝග වර්ග දෙකක් නිකුත් වන අතර ඒ අනුව ආගමන විගමන නිලධාරින් විසින් පුද්ගලයන් හරවා යැවීම හෝ අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ යැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් කටුනායක පොලිසියට බාරදීමෙන් පසුව අදාළ නියෝගය නිකුත් කරන ලද අධිකරණයට බාර කෙරෙන්නේ යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

