ගුවන්තොටුපළ පොලිසියේ වතුර කපලා


කටුනායක ගුවන්තොටුපළ පොලිස් ස්ථානයේ ජල සැපයුම විසන්ධි කර ඇතැයි පොලිසිය පවසයි.

රුපියල් 1,60,000 ක බිලක් නොගෙවීම හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇතැයිද ඒ හේතුවෙන් දෛනික කටයුතු සියල්ල සිදු කිරීමේදී දැඩි අපහසුතාවයක් පැන නැගී ඇතැයිද ඔවුහු කියති.