ගුවන් හමුදාවෙන් විෂබීජ නාශක ඉසින කතාව අසත්‍යයි


කොරෝනා වයිරසය මැඬ පැවැත්වීම සඳහා ගුවන් හමුදාව විසින්, හෙලිකොප්ටර් යානා යොදාගනිමින්  විෂබීජ නාශක ඉසින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.

ගුවන් හමුදා මාධ්‍ය  ප්‍රකාශක ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ, එවැනි කිසිදු පියවරක් තවමත් ගුවන් හමුදාව ක්‍රියාවට නංවා නොමැති බවයි.