ගුවන් සේවා ඇමැති පැරිසියේ


 වසර දෙකකට වරක් ප්‍රංශයේ පැවැත්වෙන ගුවන් යානා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන   ගුවන් සේවා ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා සහභාගි වන සුහද හමුවක් ජුනී මස සෙනසුරාදා (20) සවස 06ට පැරිස් කළාප අංක 11 හී ඇලෙක්සැන්ඩර් ඩූමා උමං  දුම්රිය පොළ අසල පිහිටි ෂැරොන් පාරේ අංක 177  ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

‘යහ පාලනය කුමකටද?‘ යන මැයෙන්  ඇමැතිවරයා දේශනයක් පැවැත්වීමට නියමිත බවත්, එය  අවසානයේ ශ්‍රීලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන   සාකච්ඡාවක්ද පැවැත්වෙන බවත් එහි සංවිධායක කමිටුවේ ප්‍රධානී පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි ද අල්විස් මහතා  පැවසීය.

Reginold Reginold-Tamil