ගුවන් විරුවෝ සිහි කැරෙති


ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ මුස්ලිම් ආගමික පූජෝත්සවය අද උදෑසන  කොල්ලූපිටිය ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල  මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම මුස්ලිම් ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුධ සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සෙබලුන් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා රණවිරුවන් සිහිකර යාඥා කිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරීම මෙහිදී සිදු විය.

මෙම ආගමික පුජෝත්සවය සඳහා ගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා කදවුරු/ ඒකක නියෝජනය කරමින් විවිධ වෘත්තීන් වල ගුවන් භටයෝ සහභාගී වුහ.

 CMDR-18-11-13-005 CMDR-18-11-13-009 CMDR-18-11-13-015 CMDR-18-11-13-036