ගුවන් විදුලි අධ්‍යක්ෂ මරුට


අනුරාධපුර  රඹෑවේ පොලිස්  මාර්ග බාධකය අසලදී අද අලුයම (19) වෑන් රිය - ලොරි  අනතුරකින්  ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අධ්‍යක්ෂවරයකු වන නුරානියා හසන් මියගොස් තවත් පස් දෙනකු තුවාල ලැබී යැයි පොලිසිය කියයි. ඔවුහු යාපනය බලා යමින් සිටියහ. ගුවන්විදුලි වෑන්රිය නවතා තිබූ ලොරියේ හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත. ලොරි රියැදුරාට සහ වෑන්රියේ ගමන් කළ අයකුගේ තත්ත්වය බරපතල බව ‍රෝහල් ආරංචි මාර්ග කියයි.