( නාලක සංජිව දහනායක)
අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ගුවන් යානා පැමිණිම නතර කිරීමට කටයුතු යොදා තිබේ.
එම තීරණය හෙට ( 18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැංන්වේ.
සාමාන්‍ය ජන ජීවිත අඩාල නොවන අයුරින් ආර්ථික හා වෙළඳ කටයුතු මෙන්ම සෙසු අතවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද ජනාධිපතිවරයා ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීනට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය අද (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන තිබේ.
මෙම ප්‍රශ්නය ජය ගැනීම සඳහා අවශ්‍ය සියලු දේ කළ යුතු වූවත් රට අකර්මන්‍ය වීමට ඉඩ දිය නොහැකි යැයිද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීමට තමන් සූදානම් බව කී ජනාධිපතිවරයා ඒවා ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය වන බවද පෙන්වා දුන්නේය.



