(ටී.කේ.ජී.කපිල)
ගුවන් යානා සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදු විය හැකි ගැටළු අවම කර ගැනීම සදහා විකල්ප විසදුමක් ලෙස ඉන්දියාවේ චෙන්නායි , ඩුබායි සහ සිංගප්පූරුව වැනි ගුවන් තොටුපළ වෙත ගුවන් යානා යොමු කිරීමට ගුවන් සේවා සමාගම් කටයුතු කරන බව ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
දැනටමත් ඉන්දියාව ඔස්සේ ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් යානා චෙන්නායි සහ අනෙකුත් ඉන්දීය ගුවන් තොටුපළ වෙතින් තම ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන ලබා ගන්නා බව එම ගුවන් සේවයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය .
මේ පිළිබඳව මීට කළකට පෙර සිටම ඉන්දියාව සමග සාකච්ඡා කර තිබූ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .
ඉන්දියාවේ චෙන්නායි හෝ නවදිල්ලි වෙත පියාසර කරන ගුවන් යානා ආපසු පැමිණීමේ දී , එම යානාවලට අවශ්‍ය ඉන්ධන එම ගුවන් තොටුපළවලින් ලබා ගෙන පැමිණීමට කටයුතු කරන බව ද එම නිලධාරීවරයා සදහන් කළේය .
ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල ජාත්‍යන්තර ගුවන් තොටුපළවලින් ද මේ ආකාරයට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ගුවන් සේවා සමාගම් කටයුතු කරමින් සිටින බව ද ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .