පුද්ගලයින් 1500 දෙනකු ඊයේ (18) දිනයේදී ගුවන් යානා 16 කින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ සියලු දෙනාට නිවසේ සිටම නිරෝධායන කටයුතු වල නියැලෙන ලෙස විශේෂ උපදෙස් ලබා දී ඇති බවත් කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එම උපදෙස් කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , පොලීසිය සහ යුද හමුදාව ඊයේ සවසම ඔවුන්ගේ නිවෙස් සඳහා යොමු කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී යුද හමුදාපතිවරයා මේ බව කීවේය.
මෙම වයිරස් තත්ත්වය හේතු කරගනිමින් ලංකාවේ දැන රැදී සිටින විදෙස් ජාතිකයින් සඳහා හිරිහැර නොකරන ලෙසද රජය විසින් ඔවුන්ට කිසිදු තහනමක් පනවා නැතැයිද හමුදාපතිවරයා එහිදී සඳහන් කළේය.
එමෙන්ම ඉන්දියාවේ වන්දනාවේ ගොස් සිටින පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

