ගුවන් යානයක එකවර යා හැකි සීමාව ඉවතට


 

( තිළිණි ද සිල්වා)

කොවිඩ්-19 වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන ගුවන් යානයක රැගෙන ආ හැකි උපරිම ගුවන් මගීන් සංඛ්‍යාව 75 ක් විය යුතු බවට පනවා තිබූ සීමාව වහාම ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා අද (10) ලංකාදීපයට පැවසීය.

ඒ අනුව දේශීය හා විදේශීය ගුවන් සමාගම්වලට අයත් මෙරටට එන සහ පිටත්ව යන ගුවන් යානා වල ඔනෑම මගීන් සංඛ්‍යාව රැගෙන යා හැකි බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේය.

ඉකුත් 07 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක වෙන බවද හෙතෙම සදහන් කළේය.

එම ගුවන් යානා වල අදාළ ගුවන් සේවා සමාගම් වලට අවශ්‍ය ඔනෑම සංඛ්‍යාවක් එකම යානයක රැගෙන යා හැකි බව හෙතෙම සඳහන් කළේය.

එසේ වුවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සංචාරකයින්ට සහ අනෙකුත් මගීන් සඳහා මේ වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම විවෘතව පවතින නමුත් එන්නත් නොකළ මගීන් තවමත් දින 14 ක නිරෝධායනයකට ලක් වීම අනිවාර්ය යැයිද සිවිල ගුවන් සේවා අධිකාරි සභාපතිවරයා කියා සිටියේය.