ගුවන් මගීන් සඳහා කටුනායක වසාදමයි


 (ටී.කේ.ජී.කපිල)
 

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද(19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
           
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානය මෙසේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර , අවසාන වශයෙන් පැමිණි  ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
    
මෙම ගුවන් යානයෙන් මගීන් 77 ක් පැමිණ තිබූ අතර , එයින් වැඩි පිරිසක් දඹදිව වන්දනාකරුවන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
            
ඒ අතර සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා දිගටම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන අතර , ගුවන් තොටුපළෙන් පිටත්ව යන ගුවන් යානා ද පෙර සැළසුම් කර ඇති පරිදි සිදු කෙරේ .
            
මෙම සංක්‍රමණික ගුවන් මගීන් ,කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ වෙනත් රටක් කරා ගුවන් ගත වීම සදහා පැමිණෙන ගුවන් මගීන් පිරිසකි.