(ඩයනා උදයංගනී )
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවල ගමන් ගන්නා මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිතා කළ හැකි පහසුකම් පිළිබඳ පත්‍රිකා සහ විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා විදෙස් සමාගමක් වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 5.92ක කොන්ත‍්‍රාත්තුවක් (ප‍්‍රසම්පාදනයක්) ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එළඹෙන අගෝස්තු මස පළමු වැනිදා සිට වසර තුනක කාලසීමාවක් සඳහා ඉන්ලයිෆ් ඩබ්ලින් නැමති සමාගම වෙත මෙම කොන්ත‍්‍රාත්තුව ලබාදීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට මෙම අනුමැතිය හිමි වී තිබේ.