ගුවන් මගීන් බියකළ ශ්‍රී ලාංකිකයා වසර 12 ක් හිරේ


බෝම්බයක්  පුපුරුවා හරින බවට කෑ ගසමින්  මැලේසියානු ගුවන් යානයක   ගමන් කළ  මගීන් බිය වැද්දවීමේ චෝදනාවන්ට වරදකරුවු ශ්‍රී ලාංකිකයකුට  වසර 12ක සිර දඬුවමක් ලබා දීමට ඔස්ට්‍රේලියා විනිසුරුවරයකු නියෝග කර තිබේ.

එම  අවස්ථාවේදී ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 200 ක් පමණ  එහි ගමන් කර ඇත.

මැලේසියාවේ සිට ක්වාලම්පුර්  සිට පියාසර කරමින් තිබු මැලේඩිස්  මාර්ක්ස්  128  නම් ගුවන් යානය නැවත ඔස්ට්‍රේලියාවේ මෙල්බන් දක්වා  ගමන් කරන අතරතුරදී   මෙම සිදුවීම වී ඇත.

යානය තුළ සිටි 26  හැවිරිදි එම  පුද්ගලයා  යානයේදී තමා අත බෝම්බයක් ඇතැයි කෑ ගසමින් යානය පුරා දුවමින් යානයේ සිටි පිරිස  බියවද්දවා ඇත.

2014 වසරේදී  මැලේසියා එයාර් ලයින්  සමාගමේ  බෝයිං 777 වාර්ගයේ ගුවන් යානා දෙකක් අහිමි වීමෙන් පසු මෙම සිදු වීම වාර්තා වි තිබේ.