කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මළල ක්‍රීඩා තරඟාවලියේදී ගුවන් භටයෝ ඉදිරිපත් කළ අවි රහිත සටන් සංදර්ශනය කාගේත් කතා බහට ලක් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සංචිතය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරග අතරින් විශේෂිත ස්ථානයක් මෙයට හිමිවෙයි.
ගුවන් හමුදාව තුළ ක්‍රීඩා කෞෂල්‍යන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනා ගනිමින් ඔවුන් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන ඒම මෙහි අරමුණ වෙයි.
මෙවර මළල ක්‍රීඩා තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 690 දෙනෙකු පමණ සහභාගි වුහ. තරග ඉසව් 50 කින් සමන්විත වු ක්‍රීඩා උළෙල සියලූම ඉසව් ඉතා තරගකාරී අන්දමින් පැවැත්විණි.
ගුවන් හමුදා මෙහෙයුම් ගොඩබිම් අධ්‍යක්ෂක වයිස් මාෂල් ක්‍රිෂාන් යහම්පත් එහි ප්‍රධාන ආරාධිතයා විය.
තරඟවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා විජේරත්න සම්මානය හිමිකරගත් අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ෆයිලට් ඔෆිසර් කොස්වත්ත හිමි කරගත්තේය.
සමස්ත තරගාවලියේ කාන්තා ශූරතාවලිය රත්මලාන ගුවන් හමුදා කදවුර හිමිකරගත් අතර සමස්ත පිරිමි ශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුර හිමිකරගත්තේය.
මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලදාරීන්, අනෙකුත් නිලධාරීන් හා සෙසු නිළයන් පිරිසක්ද සහභාගී වුහ.













