ගුවන් භටයා ගිනිඅවි-උණ්ඩ රැගෙන චීනවරායෙන් පනී


(අමදෝරු අමරජීව)

චීනවරාය ගුවන් හමුදා කදවුරේ ගුවන් භටයෙකු රාජකාරියේ යෙ දිසිටියදි අද  (28) අලුයම ටි.56 රාජකාරි ගිණි අවිය සමග උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් රැගෙන පලායෑමේ සිද්ධියක්  සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව චීනවරාය පොලිසිය කියයි.

මඩකලපුව, පෙරියමඩු, මුරුගන් කෝවිල්  පාරේ පදිංචි මෙම ගුවන් භටයා අලුයම 02.00 ත් 06.00ත් අතර රාජකාරි මුරයේදි නිල ඇදුමෙන්ම කඳවුරෙන් පලාගොස් ඇත්තේ එම ගුවන් භටයාට නිකුත් කර තිබු උණ්ඩ 60ක් සහිත මැගසින් දෙකක් හා ඔහු සමඟ රාජකාරියේ යෙදි සිට විවේක ගත් අනෙක් භටයාගේ උණ්ඩ 30ක් සහිත  මැගසිනයද රැගෙන බව ගුවන් හමුදාව චිනවරය පොලිසියට කල පැමිණිල්ලේ දැක්වේ.

පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වු මුතුර් සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවිම යටතේ චිනවරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස පරික්ෂක ක්‍රිෂාන්ත ලොකුගේ මහතා විසින් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා එම ගුවන් භටයා පැනගිය කැලෑ මාර්ගය සොදිසි කිරිම ආරම්භ කරනු ලැබිය.

මෙම සොදිසියේදි ගුවන් භටයාට නිකුත් කරන වතුර බෝතලය රදවනය කප්පල් තුරෙයි කැල ප්‍රදේශයේ තිබි සොයාගෙන තිබේ.පැන ගිය ගුවන් භටයා සොයා ගුවන් හමුදාව හා චිනවරය පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.