කාබුල්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායක මුල්ලා ෆස්ලූලාහ් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇෆ්ගනිස්තාන නිලධාරියෙක් අද (15) පැවැසීය.
ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙක් ඒ බව ප්‍රකාශ කළ අතර තලේබාන් නායකයා මියගොස් ඇත්තේ බ්‍රහස්පතින්දා (14) ඇමෙරිකා හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරයකින් යැයි ද එම නිලධාරියා කීය.
මේ අතර කුනාර් පළාතේ වෙසෙන ජ්‍යෙෂ්ඨ සටන්කාමියකු ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඇමෙරිකා එක්සත් ජනපදය බ්‍රහස්පතින්දා (14) නිවේදනය කර තිබිණි. එම ප්‍රකාශය ප්‍රහාර එල්ල වී ඇත්තේ තලේබාන් නායකයා ඉලක්ක කරගනිමින් යන්න සනාථ කරන්නක් බව ද පැවැසිණි.
(055)