ගුවන් නාශක උණ්ඩ තොගයක් බසවක්කුළමේ
බසවක්කුළම වැව පෙදෙසින් අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ වාරිමාර්ග ඉංජිනේරු
කාර්යාලයට ගෙනා පස් ගොඩක තිබී ආර් .පී .ජී 7 වර්ගයේ උණ්ඩ දෙකක් හා ජී.පී.එම්.ජී වර්ගයේ
ගවන් යානා නාශක උණ්ඩ 157 සොයාගත් බව අනුරාධපුර පොලීසිය කියයි
වෙස්සගිරියේ පාඵ පෙදෙසකදි මෙම උණ්ඩ හමුදාව විසින් පුහුකර දැමිණි .
යුද්ධය පැවැති සමයේ මේ පෙදෙසේ තල් ගසක තිබී කොටි අවි තොගයක්ද සොයාගෙන ඇත
මේ අවිද එහි ගෙන ඇත්තේ කොටි සංවිධානයෙන්දැයි සැක පහල වි තිබේ

