
( ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ , පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම සදහා නව කවුළු 05 ක් අද(8) උදෑසන 08.30 සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අතින් විවෘත කර ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීම සිදු විය .
මෙම නව විවෘත කිරීමත් සමග ,එතෙක් පැවති ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේ කවුළු 55 ද සමගින් , මේ වනවිට පිටත්වීමේ පර්යන්තයේ ඇති පිටත්ව යන ගුවන් මගීන්ගේ සමස්ථ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේ කවුළු සංඛ්‍යාව 60 දක්වා වැඩි වී තිබේ .
මෙම විවෘත කිරීමේ අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි , කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යය භාර නිලධාරීනී ටානියා ප්‍රනාන්දුපුල්ලේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ සේවා ප්‍රධාන නිලධාරී ඈෂ්ලි නානායක්කාර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ .



