(ඩයනා උදයංගනී)
ගුවන් මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත නවීන තාක්‍ෂණික උපකරණ ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මේ යටතේ මගී ගමන් මළු හා භාණ්ඩ පරීක්‍ෂා කිරීමේ නවීන තාක්‍ෂණික උපකරණ ලබාගැනීමට නියමිතය.
මෙම උපකරණ මිලදී ගැනීම සදහා ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවී තිබේ.
පාස්කු ඉරිදා දින එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය වැනි ප‍්‍රහාර ඉදිරියේදීද එල්ල විය හැකි බැවින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පියවර රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

