ගුවන් ගමන් වාර තුනක ප්‍රමාදයක්


(ටී.කේ.ජී.කපිල )
 
කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන් ගමන් වාර 03 ක් ප්‍රමාද  වන බව   ගුවන්තොටුපොළ බලධාරීන් අද (04)  නිවේදනය කර ඇත. 
 
 
 ඒ අනුව අද  (04) අලුයම  7.35 ට ඉන්දියාවේ ,  කොචින් බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. - 165 දරණ  ගුවන් යානය දහවල් 12.30 ට පිටත්ව යෑමට නියමිත අතර ඉන්දියාවේ චෙන්නායි බලා උදෑසන 8.35 ට පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 129 දරණ ගුවන් යානය උදෑසන 10.10 ට පිටත් වීමට නියමිතව ඇත.
 
 
 සෞදි අරාබියේ ජෙඩා බලා දහවල් 2.25 ට පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 281 යානය පිටත්ව යන්නේ සවස 5.05 ට බව ගුවන්තොටුපොළ බලධාරීහු  පවසති.