ගුවන් ගමන් ප්‍රමාදයෙන් මගීන් අසීරුවට


(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)

කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යාමට තිබු   ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානා කීපයක් (25) දින  රාත්‍රිෙය් සහ   අද  උදැසන  නියමිත වේලාවට පිටත් නොවිම හේතුවෙන්  ගුවන් මගීහු පිරිසක් පැය 08 ක අධික කාලයක් අපහසුවට ලක්ව  ඇතැයි  එහි බළධාරියෙකු  ලංකාදීපයට පැවසුවේය. 

ඒකී ගුවන්යානා වල  හට ගත් කාර්මික දෝෂ  කීපයක් හේතුවෙන් ගුවන්යානා නියමිත වේලාවට ධාවනය නොවී ඇත.

මෙම ප්‍රමාදයත් සමඟ ගුවන් මගීන් සහ  බලධාරින් අතර නොසන්සුන් තාවයක්ද හට ගෙන ඇත.

ප්‍රමාද වූ ගුවන් යානා අතර යුඑල් 119 ගේන් අයිලන්ඩ්,යුඑල් 121 චෙන්නායි , යුඑල් 109 මාලේ, යුඑල් 165 කෝචින්,161 ත්‍රිවින්දම්, යුඑල් 219 දොහා, යුඑල් 183 කරච්වි, යුඑල් 866 ෂැංහායි, යුඑල් 127 චෙන්නායි ගුවන්යානා වේ.     

                              -