ගුවන් කන්තෝරුවයි ඇඳයි එකම තැන


ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් නවීකරණය කැරුණු ප්‍රථම ඒ 330 ගුවන් යානය සිකුරාදා (9) මුලින්ම සිංගප්පූරුව බලා පියාසර කරන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කියයි. මධුර ප්‍රේමතිලක සහ විලාසිතා නිර්මාණ ශිල්පි ගිහාන් නානායක්කාර එහි ඇතුළත සකසා තුබුණේ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පය අනුවය. ආසනය දිග හැර නිදා ගත හැකි වන ලෙස ද, ආසනයේ සිට රූපවාහිණි නැරඹිය හැකි ලෙස ද කාර්යාලයක් සේ භාවිත කළ හැකි ලෙස ද ඉඩකඩ ඇත. තවත් මෙවැනි යානා දෙකක් නවීකරණය කරන බවද චන්ද්‍රසේන මහතා පැවසීය.