(බිඟුන් මේනක ගමගේ )
බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණයේදී ලංකා ගුරුසේවා සංගමයේ සභාපතිවරයාට පහර දුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නැයි රජයට බල කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගුරු සේවයේ සාධාරණ ඉල්ලීම් පදනම් කරගෙන වෘත්තිය සමිති ඒකාබද්ධව සංවිධානය කළ සාමකාමී විරෝධතාවයට මැර ප්‍රහාර එල්ල කළේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිස් යැයි ද එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නේ යැයි ද ජවිපෙ දේශපාලන මණ්ඩලය සිය නිවේදනයෙන් අවධාරණය කරයි.
මෙය අහම්බයක් හෝ සරල සිදුවීමක් ලෙස සැලකිය නොහැකි යැයි පවසන එම පක්ෂය මෙයින් යළි පෙන්වන්නේ වෘත්තිට සමිතිවලට පහර දීමේ එජාපයේ අතීත භාවිතය යැයි ද පවසයි.
ඊනියා යහපාලන පිරුවටයට යටින් ඇති නග්න හෙළුව මෙමගින් නිරාවරණය වන්නේ යැයි ද සිය විනාශකාරී ගමනට හරස් වන බලවේගවලට එරෙහිව මැර බලය යෙදවීමට තමන් සූදානම් බව ඔප්පු වන්නේ යැයි ද ද එහි වැඩිදුරටත් සදහන් වේ.