ගුරුවරුන් ලෙඩ නිවාඩු දැමීමෙන් නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය අදට වසාදැමේ


(නාරම්මල පි.වී.සී. විදානගේ )

බහුතර  ගුරුවරුන් පිරිසක්  ලෙස නිවාඩු වාර්තාකර  සේවයට  නොපැමිණිම හේතුවෙන්  නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය අද (16) වසා දමා ඇත. පාසල් පැමිණී  සිසුන් පාසලට පැමිණ ටික වේලාවකින් තම නිවෙස් කරා යන ලෙස ගුරුවරුන් පැවසීම නිසා  නිවෙස් කරා යන බව සිසුහු පැවසුහ.

අසනීප නිවාඩු වාර්තා  කර  සිටි  විද්‍යාලයේ  ගුරුවරුයකු කිසියම් පුද්ගලයකුට පහර දීම නිසා රෝහල් ගත කර  ඇති බවත්  ඒ පිළීබඳව තවම කිසිදු  පැමිණිල්ලක්  ලැබී  නොමැති බවත් නාරම්මල පොලිසිය කියයි.

සිසුන් කිහිප දෙනෙකු විද්‍යාලයේ රතිඤ්ඤා පත්තු කරමින් සිටි අයුරුද දැක ගත හැකිවිය.