ගුරුවරුන් ආවත් වැඩක් නෑ : රේවතේ අදත් ලෙඩ


බලපිටිය රේවත විදුහලේ අද දෙවැනි දිනටත් ඉගැන්වීම් සිදු නොවීය.

පෙර දින ලෙඩ නිවාඩු දැමූ ගුරුවරු 61 දෙනාගෙන් වැඩි පිරිසක් අද පැමිණි නමුත් පන්තිවලට නොගියහ. 3000 ක් පමණ වන සිසුන්ගෙන් අද පැමිණ සිටියේ දහසක් පමණි.

ගුරුවරුන් කියනුයේ පාසලේ විනය විරෝධී වැඩ කරන සිසුන් දහ දොළොස්දෙනකු ඉවත් කරන ලෙසයි.

ජාතික අධ්‍යාපන පාසල් අධ්‍යක්ෂවරයා අද පරීක්ෂණයක් සඳහා පාසලට පැමිණීමටද නියමිතය. අධ්‍යාපන බලධරයන් කියනුයේ සිසුන් හදා ගැනීම ගුරුවරුන්ගේ කාර්යයක් බවයි.

 

rewatha_201510901 rewatha_201510902 rewatha_201510903