(ක.ග කරුණාරත්න)
තම පාසලේ පවතින ගුරු හිඟයට පිළියම් නොයෙදීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 1200ක් පමණ අද(03) පාසලට නොපැමිණියහ.
ඔවුන් මේ අන්දමට පාසල වර්ජනය කළ දෙවැනි දිනය අදයි.
අඟහරුවාදා (02) එම පාසලට පැමිණ තිබුණේ එක් ශිෂ්‍යයකු පමණක් බවත් අද දිනයේ පාසලට පැමිණ සිටියේ ශිෂ්‍යයින් සිව් දෙනකු පමණක් බවත් ලංකාපුර කොට්ඨාස අධ්‍යක්ෂ කේ.ඒ ජයසිරි මහතා පැවසීය.
ගුරුවරුන් 62ක් අවශ්‍ය නමුත් පාසලේ දැනට සිටිනුයේ ගුරුවරුන් 32ක් පමණක් බවත් මෙම ගුරු හිඟය පියවීමට බලධාරීන් ක්‍රියාකරන තුරු තම දරුවන් පාසල් නොයවන බව දෙමාපියෝ කියති.
දෙමාපියන්ගේ මෙහෙයවීම මත මෙසේ දරුවන් පාසලට පැමිණීම වර්ජනය කර ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති එන්.ඒ කාසර් මහතා කිවේය.

