ගුරුවරු නැතැයි මාපියෝ දරුවන් පාසල් එවීම නතර කරති


(ඩබ් ඒ පියතිලක)

මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ මහ අඹගස්වැව ශි‍්‍ර රාහුල  කණිෂ්ට   විද්‍යාලයේ වසර දෙකක සිට පවතින  ගුරු පුරප්පාඩුව නිසා තම දරුවන්ගේ ඉගෙනුමට බාධාවක් සිදුව  ඇතැයි පවසමින්  මව්පියෝ අද (28)  සිය  දරුවන් පාසලට නොයවා පාසල ඉදිරිපිට  උද්ඝෝෂණයක නිරත වුහ.

ගුරු පුරප්පාඩුව පිරවීම සිදු කරන තුරු දරුවන් පාසලට නොඑවන බව පවසමින් ඔවුහු  උදෑසන  මෙම විරෝධතාව   ඇරැඹුහ.

මේ පිළිබඳව අදහස් දැක්වු  විදුහල්පති ජේ එම් පි‍්‍රයන්ත මහතා පවසා සිටියේ විදුහලට ගුරුවරු කිපදෙනෙකුගේ අඩුවක් පවතින බවත් ගුරුවරු දෙදෙනෙකු පාසලට ඒවා ඇති බව සදහන් ලිපි දෙකක් ලැබි ඇති නමුත්   කිසිදු ගුරුවරයකු මේ වන තෙක් පැමිණ නැති බවයි.

මව්පියන් පවසනුයේ  ගුරු අඩුව වසර දෙකක පමණ කාලයක සිට පවතින බවත් අධ්‍යාපන නිළධාරින් සහ දෙශපාලඥයන් ඒ පිළිබද කිසිදු උනන්දුවක් නොමැති බවයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන්  මැදිරිගිරිය  කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ජි ඩබි සෙනෙවිරත්න   මහතා පැවසුයේ ලබන බදාදා වන විට ඉංග්‍රිසි ගුරුවරයකු ලබා දෙන බවයි.

කෙසේ  නමුත්  දෙමාපියන් පවසා සිටියේ ලබන බදාදා වෙනතෙක් කිසිදු දරුවෙකු පාසලට නොඑවන බවත් ගුරුවරයා  එම දිනට පාසලට නොපැමිණියොත් එදිනට පාසල අසලට පැමිණ දැඩි තිරණයක් ගන්නා බවත්වය.