ගුරුවරු 3766කට ස්ථානමාරු


රංජන් කස්තුරි 
 
දිවයින පුරා ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් 3766 දෙනෙකුගේ ස්ථානමාරු ලිපි අධ්‍යාපන අමාත්‍යංශය අද (29) නිකුත් කර තිබේ.

 
එකම පාසැලේ වසර 10කට වඩා වැඩි සේවා කාලයක් සම්පුර්ණ කළ ගුරුවරුන්ට එම ස්ථානමාරුවීම් ලබා දී තිබේ.
 
මීට ඉහත අවස්ථා දෙකකදීම , එවැනි සේවාකාලයක් සම්පුර්ණ කළ  ගුරුවරුන් කණ්ඩායම් දෙකක් ස්ථානමාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
 
ආසන්න පාසලක් නොමැතිව ඉතා වැඩි දුරකට මාරුකළ යුතු අවස්ථාවලදී හා අනුප්‍රාප්තිකයකු ලබා දිය නොහැකි අවස්ථාවලදී වසර 10ක සේවාකාලයක් සම්පුර්ණ වී තිබුණද එම ගුරුවරුන්ට ස්ථානමාරුවීම් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.