ගුරුවරිය පැහැර ගත් පැරණි පෙම්වතාත් රිමාන්ඩ්


ඌරුබොක්ක ඉන්දොළ හංදිය අසලදී 27 හැවිරිදි ගුරුවරියක පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ පැරණි පෙම්වතා ඇතුළු තිදෙනා ලබන 3 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මොරවක මහේස්ත්‍රාත් සංජීවනී පතිරණ මහත්මිය අද (21) නියෝග කළාය.

රණවීරගේ කසුන් විමක්ති දර්ශන වන ඇගේ පැරණි පෙම්වතාගේ සොයුරු ප්‍රසන්න දර්ශන ඒ අතර වෙති. රිමාන්ඩ් කළ අනෙක් පුද්ගලයා ගුරුවරිය පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථයේ රියදුරුය.

ගුරුවරිය පසුගිය 19 වැනිදා පාසලට යන අතරතුර පැහැරගැණුනු අතර පසුව පැරණි පෙම්වතා සමග නීතිඥයකු මාර්ගයෙන් ඌරුබොක්ක පොලිසියට බාරවී තිබුණි.