(ඉන්දිකා රාමනායක)
වසර 25 ට අධික කාලයක් පුරා යාපනය කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාපයේ පිහිටි ගුරුනාතර් ස්වාමි කෝවිල පිහිටි අක්කර දෙකක් වු ඉඩම් අද (2) සමාන්‍ය ජනතාව වෙත ලබා දී ඇත.
මෙම ඉඩම 1993 වසරේ සිට යුද හමුදාව පරිහරණය කර ඇති අතර එය යාපනය 515 වන බලසේනා මුලස්ථානයට අයත්ව තිබු එකක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා කීය.
බැතිමතුන්ට සිතු සේ වන්දනාමාන කටයුතු කරගරනීම සදහා මෙම කෝවිල සහිත භූමිය යුද හමුදාව විසින් නිලවශයෙන් තෙලිල්පලේ ප්‍රදේශිය ලේකම්වරයා වෙත බාර දුන් බවද හමුදා ප්‍රකාශකවරයා වැදුරටත් පැවසීය.
මේ අතර ඉකුත් (29) වැනි දින ද පලාලි මයිලඞ් මුහුදු ප්‍රදේශයේ යුද හමුදාව විසින් පරිහරණය කළ අක්කර 3 ක ඉඩමක් නැවත හිමිකරුවන් වෙත බාරදුන් බවද හමුදාව කියයි.
එම ඉඩම යුද හමුදා කාලතුවක්කු බලකාය විසින් නිවාඩු නිකේතනයෙක් ඉදිකර තිබු බවද හමුදාව වැඩිදුරටත් පැවසීය.