ගුරුකන්ද විහාරභූමියේ ඉදිකිරීම් නොකරන ලෙස නියෝගයක්


(ප‍්‍රදීප් කුමාර)

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයට ඉකුත් 14 වන දින පිරිසක් විසින් බලහත්කාරයෙන් කොවිලක් ඉදි කිරීමට මුල් ගලක් තැබීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් හා එම පිරිස අතර උණුසුම් තත්වයක් ඇති විය ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය සාමය කඩවීම යටතේ මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ දෙපාර්ශ්වයටම නඩු පවරන ලදී.

ඒ අනුව නඩුව අද (24) මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අතර එහිදී විහාරාධිපති හිමියන්ගේ පාර්ශ්වය එම විහාරස්ථානය පුරාවිද්‍යා භූමියක් වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින් විහාරභූමියේ ලබන පෙබරවාරි 12 වැනිදා දක්වා කිසිඳු ඉදිකිරීමක් නොකරන ලෙසටත් එදිනට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මුලතිව් මහේස්ත‍්‍රාත් එස් .ලෙනින් කුමාර් මහතා නියෝග කළේය.