(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය හා දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකර ඇති නඩුව අද (22) දිනයේ කැඳවූ අවස්ථාවේදී නඩුව 28 වැනිදා දක්වා කල්දැමීමට මුලතිව් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා අද (22) දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් වැඩ බලන විනිසුරුවරයාට නඩුව විභාගය කිරීමට හෝ තීන්දුවක් ලබා දීමට අවස්ථාවක් නොමැති හෙයින් මෙසේ නඩුව ලබන 28 වනදා දක්වා කල් දැමීමට මුලතිව් වැඩබලන මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
පෙබරවාරි 12 වනදා මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වාර්තාවක් කැඳවා තිබූ අතර ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී. බී.මණ්ඩාවල මහතා විසින් මුලතිව් අධිකරණයේදී පෙනී සිටිමින් අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පුරාවිද්‍යා පනත මගින් නියාමනය වන පුරා විද්‍යා ස්ථානයක් බවටත් ගුරුකන්ද රජමහා විහාරය පවතින් ස්ථානයේ මුලතිව් කෝකිලායි මාර්ගය දෙපසම මැනුම්ගත කරන ලද පුරාවිද්‍යා ස්මාරක සහිත ප්‍රදේශයක් වන බවත්ය.

